Anushanga.Typing

FM to Unicode Converter

Last updated: September 2026  •  Reading time: 3 min

පරණ FM font එකේ ලියපු document එකක් විවෘත කරාම අකුරු කැඩිලා / විකෘති වෙලා පේනවාද? ඒ text එක FM to Unicode converter එකකින් හැරුවම ඕනෑම දුරකථනයක, browser එකක හෝ Word එකක නිවැරදිව පෙනේ. Anushanga Typing එකෙන් එය නොමිලේ සහ ඔබේ browser එක තුළම සිදු වේ.

In this guide
What is an FM font? How to convert FM to Unicode Which fonts use the FM encoding? Why old FM text gets scrambled Common questions

What is an FM font?

FM කියන්නේ FontMaker සමාගම විසින් නිපදවූ සිංහල fonts කට්ටලයයි — ඉන් වැඩිපුරම භාවිත වූයේ FM Abhaya, FM Emanee, FM Bindhu, FM Malithi, FM Samanala වැනි අකුරු. මේවා Unicode නොවන (legacy) කේත ගැන්වීමක් භාවිත කරන නිසා, එම කේතය අවබෝධ නොකරන උපාංගවලදී අදාළ අකුරු නොපෙනේ.

How to convert FM text to Unicode

1. Anushanga Typing website එක විවෘත කර Input මාදිලිය FM ලෙසද, Output මාදිලිය Unicode ලෙසද තෝරන්න.

2. පරණ FM text එක වම්පස box එකට past කරන්න.

3. දකුණුපස ඇති Unicode text එක copy කර අවශ්‍ය තැන භාවිත කරන්න.

ටයිප් කරන/අලවන විටම ප්‍රතිඵලය යාවත්කාලීන වන නිසා වෙනම button ඔබන්න අවශ්‍ය නැත.

Which fonts use the FM encoding?

සාමාන්‍ය FMAbhaya පවුලට අයත් බොහෝ fonts එකම mapping එකක් භාවිත කරයි, එම නිසා ඒවායේ text පරිවර්තනය කළ හැක. කලාතුරකින් විශේෂිත font එකක් වෙනස් සංකේත ගැන්වීමක් භාවිත කරන්නේ නම්, මුලින් කෙටි sample එකක් පරිවර්තනය කර ප්‍රතිඵලය කියවා බලන්න.

Tip: විශාල document එකක් convert කිරීමට පෙර එක් paragraph එකක් පරීක්ෂා කරන්න. වෙනස් විය හැකි conjunct අකුරු හඳුනාගැනීම පහසු වේ.

Why old FM text gets scrambled

FM fonts 2000–2015 කාලයේ පුවත්පත්, පොත් සහ වෙබ් අඩවිවල බහුලව භාවිත විය. ඒ කේත ගැන්වීම SMS, WhatsApp, Google Docs ආදිය සමඟ නොගැලපෙන නිසා — copy කළ විට හෝ වෙනත් උපාංගයක open කළ විට අකුරු විකෘති වේ. Unicode යනු අද සම්මතය වන අතර, FM to Unicode පරිවර්තනයෙන් පසු text එක කොතැනකදීත් නිවැරදිව පෙනේ.

FM fonts vs Unicode – full comparison →

Convert FM text to Unicode nowFree • Private • Instant result

Open the Converter

Common questions

Q: Is FM to Unicode conversion free?

ඔව්. Anushanga Typing එකේ FM → Unicode, Unicode → FM සහ FM ↔ ISI පරිවර්තන සියල්ල නොමිලේ.

Q: Can I convert Unicode back to an FM font?

ඔව්. Unicode to FM මාර්ගෝපදේශය බලන්න.

Q: Which FM font do I need to install to see converted text?

පරිවර්තනයෙන් පසු text එක Unicode නිසා වෙනම font එකක් install කිරීම අවශ්‍ය නැත. Output එක FM ලෙස තෝරාගත් විට පමණක් FM font එකක් අවශ්‍ය වේ.

Continue reading